කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වූ මුදල් ආරවුලකට අදාළ නඩුවක් සමථයකට පත්වීමෙන් අනතුරුව, එහි තීන්දුවේ පිටපතක් ලබාදීම සඳහා සැකකරු විසින් පසුගිය ජුනි 30 වැනිදා රුපියල් 500ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.
ඒ පිළිබඳ ලැබුණු තොරතුරු අනුව ක්රියාත්මක වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්, ඊයේ (16) පස්වරු 3.35ට පමණ කොටුව මහෙස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබයි.