පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
2026 වසරේ ශ්‍රී ලංකාවට දිස්වන ප්‍රථම සහ අවසාන ග්‍රහණය චන්ද්‍රග්‍රහණයක් වන අතර එය අද( 03) අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස අපට දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
මෙය නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් සහ ඇමරිකාව වැනි ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවද ශ්‍රී ලංකාවට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස විනාඩි 26ක් වැනි කෙටි කාලයක් තුළ දිස්වනු ඇත.
චාන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් මාර්තු මස 3 දින දිවාකාලයේදී, ප.ව. 2.14 ට චන්ද්‍රයා පෘථිවියේ උපචයාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළු වීමත් සමගය. එවිට චන්ද්‍රයා ක්ෂිතිජයෙන් පහළ පිහිටා ඇති බැවින් ලංකාවට දිස් නොවේ.
චන්ද්‍රයා පස්වරු 6.21 ට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවීමත් සමඟ මෙම ග්‍රහණය ලංකාවේ අපට දිස්වීමට පටන් ගන්නා අතර ග්‍රහණයේ උපරිම අවස්ථාව 6.27 ට ද, පියවි ඇසට පෙනෙන අර්ධ චන්ද්‍රග්‍රහණයේ අවසානය පස්වරු 6.47 ට ද සිදුවේ.
උපරිම ග්‍රහණ අවස්ථාවේදී සඳ මතුපිටින් 30% ක් පමණ පෘථිවියේ පුර්ණ චායාවෙන් ආවරණය වී ග්‍රහණය දැකිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. චන්ද්‍රග්‍රහණයේ අවසානය 3 වනදා රාත්‍රී 7.53 ට පෘථිවියේ උපචයාවෙන් චාන්ද්‍රයා ඉවත් වීමත් සමග සිදු වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.