කඩුවෙල නගරයේ විද්‍යුත් උපකරණ අලෙවිසැලක අද (19) උදෑසන ඇති වූ ගින්නකින් එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ එම පවුලේ මව සහ පියා සමඟ අවුරුදු 2ක් හා 6ක් වයසැති කුඩා දරුවන් දෙදෙනා බව වාර්තා වේ.

ගින්න හටගත් දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ මහලේ විද්‍යුත් උපකරණ අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇති අතර, මියගිය පවුලේ සාමාජිකයන් එහි ඉහළ මහලේ රැඳී සිට ඇති බව සඳහන් වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.