ජූනි 15 වැනිදා සිට දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක්
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.
හොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබු 7දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම මධ්‍යස්ථානයේ සිටි නිරුපද්‍රිතව බේරාගත් පුද්ගලයින් 51දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකර තිබේ.
එම රැඳවුම් මධ්‍යස්ථානයේ හදිසි ගින්නක් හටගෙන තිබුණේ ඊයේ (03) පස්වරුවේ ය. ගින්න ඇති වන අවස්ථාවේ අදාළ මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ.
ගිනිනිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් එම මධ්‍යස්ථානයට විශාල හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න හේතුවෙන් එම මධ්‍යස්ථානයේ සිටි පිරිසක් පිළිස්සීමට ලක්ව ඇති අතර එලෙස පිලිස්සුණු පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් තවත් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද(11) රාත්‍රී 7 සිට, හෙට පෙරවරු 7 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.