ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මින් ඉදිරියට රාත්‍රී කාලයේ විදුලිය උත්පාදන සඳහා ඩීසල් භාවිතයට ගැනීමට සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.
අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසිය.
"එළැඹෙන මාර්තු 24, 25 බොරතෙල් නැව එන්නේ නැතිවුණම පිරිපහදු කරන්න වෙන්නේ ලබන ලබන මාසේ මැද වෙනකම් විතරයි. එතකොට පිරිපහදුව නවතිනවත් එක්කම අපට දැවිතෙල් සහ නැප්තා කියන දෙක පිරිපහදුවෙන් එනවා. ඒ දෙකම භාවිතා කරන්නේ විදුලිය සඳහා. එතකොට විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා. ඒ නිසා ක්ෂණික මිලදී ගැනීම්වලින් 17 වෙනිදා අපි දැවී තෙල් ඉල්ලුවේ.
දැවිතෙල් නැවක් එනවා ලබන 12,13. එතකොට ඒ ගැටලුව විසඳෙනවා. නමුත් නැප්තා එන්නේ නෑ. ඒ වෙනුවට ඩීසල් පරිභෝජනය කරන්න වෙනවා."
"මේ අර්බුදය නිසා මින් ඉදිරියට රෑට විදුලිය එන්නේ ඩීසල්වලින්. ඩීසල් ලීටරයක මිල 140කින් වැඩිවෙලා. සියලුම ජනතාව මේක හරියට තේරුම් අරන් එක ලයිට් එකක් හරි නිවලා, පාරවල්වල ලයිට් ටිකත් නිවලා සහයෝගය දෙන්න. එසේ වුණොත් අපට තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.