එල්නිනෝ තත්ත්වයෙහි බලපෑම ජූලි අගෝස්තු මාසවලදී
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
හෙට උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොලිස්ගස්ඔ්විට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවාහන මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.
අද (08) රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා හෝමාගම හයිලෙවල් පාර, පිටිපන හන්දියේ සිට ගලගෙදර, මාවතගම, පාදුක්ක පාර -ගොඩගම සිට ලියන්වල පාලම, අතුරුගිරිය පාර ගොඩගම සිට හබරකඩ, දාම්පේ හොරගල පාර, මාදුලාව හොරගල පාර, සෝමරත්න මාවත, ආටිගල පාර, ඇඹුල්ගම පාර, රනාල හබරකඩ පාර, මොරගහහේන පාර, පුවක්වත්ත පාර ප්‍රදේශ වලට පැය 12ක ජල කප්පාදුවක් සිදුවෙනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එල්නිනෝ තත්ත්වයෙහි දැඩි බලපෑමක් ජූලි අගෝස්තු මාසවලදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඩෙංගු රෝගීන් සීඝ්රයෙන් වාර්තාවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ්‍ය පවසයි.