මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ‌‌‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ජූලි මාසයේ ඊයේ (30) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,350කි.

වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,971ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814ක් හඳුනාගෙන ඇත.

බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 44,829කි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.