හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදි ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරයි.

එම සංවිධානය බදාදා (31) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊශ්‍රායල් හමුදාව විසින් ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවස  වැටලීමක දී සියා නායකයා මෙලෙස ඝාතනය කර ඇති බවයි.  

හමාස් සංවිධානයට අනුව හනියේ ටෙහෙරාන් නුවරට පැමිණියේ නව ඉරාන ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගී වීමටයි.

62 හැවිරිදි ඉස්මයිල් හනියේ 1980 අග භාගයේ පටන් එම සංවිධානයේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙක් ලෙස සැලකිණි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.