පුවත්

ශානිගේ පෙත්සමට කමල්, දේශබන්දු අධිකරණයට

රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරක් කර මරා දැමීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.

Read More

වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

2024 පැරිස් ඔලිම්පික් : රන් පදක්කම් 11 දිනූ චීනය පෙරමුණට

රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 22ක් දිනා ගනිමින් මේ වනවිට 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී තිබේ.

Read More

දිනේෂ් රනිල් වෙනුවෙන් පෙරට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැබූ පිරිස 10 දක්වා ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දස දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

හමාස් නායකයාගේ අවමඟුල් පෙරහැරට දහස් ගණන් සෙනඟ : තවත් ප්‍රබලයෙක් මරා දැමේ

ඉරානයේ ටෙහෙරාන් හිදී මරා දැමුණු හමාස් සංවිධානයේ ප්‍රධානි ඉස්මයිල් හනියේගේ අවමංගල්‍ය පෙරහැරට දහස් ගණනක් ජනතාව සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

වතුකර ජනතාවට සින්නක්කර ඔප්පු - වැඩපිළිවෙළ ඉදිරියට ම

වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බවත් පදිංචි ස්ථානයේ අයිතිය තවදුරටත් දීමනා පත්‍රයකට සීමා නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ජනපති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාවට නැංවෙන බවත් වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

මතීෂ සහ මදුශංක ට එක්දින තරගාවලිය අහිමිවෙයි

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.

Read More

අපේක්ෂකයා ප්‍රමාද කිරීම ප්ලෑනේ කොටසක් - සංජිව එදිරිමාන්න

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සාපේක්ෂ ප්‍රමාදයත් ඡන්ද ව්‍යාපාරයේම කොටසක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න පවසයි.

Read More