හෙට (20) දිනයේ දී පළාත් කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය ''අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අදාළ ප්‍රදේශවල ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.