22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසුන්ට 22 වැනි දින ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පැවති මුද්‍රණ දෝෂ හේතුවෙන් තමන් මෙන්ම සිසු දරු දැරියන්ද දැඩි අපහසුතාවයකට පත්වු බව ගුරුවරු චෝදනා කරති.
මෙවර පැවැත්විමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසු දරු දැරියන් දෙදහසකට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියහ.
අනුරාධපුර අධ්‍යාපන කලාප කාර්යාලයෙන් සකස් කරන ලද මෙම ප්‍රශ්න පත්‍රය අදාල පාසල් විදුහල්පතිවරුන්ට ලබාදිමෙන් අනතුරුව විදුහල්පතිවරු විසින් තම පාසලේ පහ වසරේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ට එම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කොට බේදා දි තිබේ.
ප්‍රශ්න පත්‍රය දරු දැරියන්ට බේදා දිමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍රය කියවු දරු දැරියන්ගේ නොසන්සුන් තත්වය හේතුවෙන් ගුරුවරු සිදුකළ සොයා බැලිමේදි එම ප්‍රශ්න පත්‍රයේ වැරදිමකින් අසභ්‍ය වදන්ද ඇතුලත්ව තිබු බවත් එම නිසා සිසුන් මෙසේ නොසන්සුන් වු බවත් අනාවරණය වු බව ගුරුවරු පැවසුහ.
විදුහල්පතිවරුන්ගේ දැණුම්දිම මත නැවත කලාප අධ්‍යාපන කාර්යාලය මගින් එම මුද්‍රණ දෝෂ නිවරැදි කර නැවත ප්‍රශ්න පත්‍රයක් පාසල් වෙත ලබාදිමට පියවර ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් ගෙන් සිදුකළ විමසුමේදි ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
(දයාරත්න ඇඹෝගම -lankadeepa.lk)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.