දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ගෑස් සිලින්ඩර 50,000ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ගෑස් සිලින්ඩර 80,000ක් ඊයේ(20) දිනයේ වෙළෙඳපොළට නිකුත් කළ බව බවත් සඳුදා සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා දැනුම් දෙයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ, හෙට(22) දිනයේ ගෑස් මේට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර ලබන 26 වැනිදා තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900 ක්ද 28වනදා මෙට්‍රික් ටොන් ටොන් 3700ක්ද ගෑස් රැගෙන නෞකා මෙරටට පැමිණීමට නියමිත බවයි.
අමාත්‍යවරයා පැවසුවේ, අර්බුද නිර්මාණය කර පරිභෝගිකයා පීඩාවට පත් කර, ව්‍යාපාරික වශයෙන් කූට වාසි ලබා ගැනීමට ගන්නා උත්සාහයන් වැළැක්වීමට රජය පියවර ගන්නා බවයි.
හිඟව පවතින කහ පාට ගෑස් සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයන්ට කහ පාට සිලින්ඩරවලට නිල් පාට ගෑස් සිලින්ඩර මාරු කළ නොහැකි බැවින්, ඔවුන් වෙනුවෙන් ලිට්රෝ සමාගම ලබන මස 12 වැනිදා සිට ඔවුන්ටද ලිට්රෝ ගෑස් ලබා ගැනීමට හැකි වන පරිදි නිල් පාට සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම්කර ඇතැයිද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සඳහා ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 'පොල්ගස්ඕවිට ඩිලා' නැමැත්තා රඳවා තබා විමර්ශන කෙරෙන බව පොලීසිය පවසයි.
අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.