මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද (11) පෙරවරු 6:00න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එය මිලිමීටර් 239ක වර්ෂාපතනයක් බවය.
ඇල්පිටියෙන් මිලිමීටර් 194.75ක්, බුලත්සිංහල මිලිමීටර් 187ක්, මතුගම මිලිමීටර් 186.5 සහ සීතාවක ප්‍රදේශයේ මිලිමීටර් 184.5ක වර්ෂාපතනයක් වාර්තාවී තිබේ.
මිලිමීටර් 200ට වැඩි තද වැසි තවදුරටත්
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (11) අලුයම 5:30 නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
මේ අතර අද අලුයම 2:45ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.
එහි වැඩිදුරටත් දැක්වුණේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.
නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.
ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.