ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසා තිබේ.

ඔහු මේ බව  ප්‍රකාශ කළේ අද දින (21) පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී  චානක හා පාර්ලිමේන්ති මන්ත්‍රී චානක මාදුගොඩ සමග පැවති සාකච්ඡාවකදීය.

ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත් ඔවුන් මර්දනය තුලින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ පවසා ඇත.

එම නිසා ගමින් ගමට ගොස් මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව දැනුවත් කරන ලෙස පැවැසූ නාමල් රාජපක්ෂ ආසන සංවිධායකවරුන් ගමින් ගමට රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බවද පවසා තිබේ.

මේ වන විට උද්ධමනය සියයට අටක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ගල් අඟුරු කන්ටේනර්, හැකර් පැනීම පිළිබදව මෙන්ම මහා සංඝරත්නය හා බෞද්ධයන් පෙළා දමන මේ ආණ්ඩුවට එරෙහිව ගමින් ගමට ගොස් දැනුවත් කරන ලෙස නාමල් රාජපක්ෂ පවසා ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.