ඥානසාර හිමිට විවෘත වරෙන්තු
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ලිංගික වදහිංසාවලට ලක් වූ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යවරයා තම x ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අදාළ වෙද්‍යවරියගේ කිසිදු පෞද්ගලික තොරතුරක් කිසිදු විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයක් තුළ ප්‍රසිද්ධ නොකරන ලෙසයි.
වෛද්‍යවරු අද දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක නිරත වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළේ, අද(12) මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
මේ අතර පොලීසිය පැවසුවේ, වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
සැකකරු හඳුනාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.
ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා යුධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටින බව පොලීසිය පැවසීය.
වෛද්‍යවරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් අනුරාධපුර රෝහලේ රෝහල් කාර්යය මණ්ඩලය සේවාවවලින් ඉවත්ව ඊයේ (11) විරෝධතාවක් ද ආරම්භ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.