ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමුඛ නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීම සඳහා ‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කර තවත් සහන කාලයක් දීමට පියවර ගෙන ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊයේ (26) පැවසීය.

‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය දීර්ඝ කිරීම ලබන මාර්තු මස අවසානයේ අවසන් වන බවත් ණය සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරන ව්‍යාපාරිකයන්ට පමණක් සහන කාලයක් හිමිවන බවත් ඔහු කීය.

ඒ අනුව ණය මුදල රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි 2.5 ට අඩු ව්‍යාපාරිකයන්ට මාස තුනට අමතරව අමතරව තවත් මාස 9 ක සහන කාලයක් ද, ණය මුදල රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ව්‍යාාරිකයන්ට තවත් මාස 6 ක සහන කාලයක් ද, ණය මුල රුපියල් මිලියන 50 ට වැඩි ව්‍යාපාරිකයන්ට අමතර මාස 3 ක් ලැබෙන බවත් මෙම කාලය තුළ එම ව්‍යාපාර සම්බන්ධයෙන් අලුත් කිසිඳු නීතිමය කටයුත්තක් ආරම්භ නොකරන ලෙස බැංකුවට දැනුම්දී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ව්‍යාපාරිකයන් සඳහා ආණ්ඩුව දුන් සහන ඉතාම පැහැදිළිව මහ බැංකුවට යොමුකර තිබුණ ද එම බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එය නිවැරදි කරන ලෙස මහ බැංකුවට දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.

2. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම


2.අ.1. පරාටේ නීති සහනය දීර්ඝ කිරීම

හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

2.ආ.2. සහන පැකේජය

ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු

සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද  මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.

රජය විසින් යෝජනා කරන ලද  සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.