ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද(23) සිට ආරම්භ වෙයි.
ඒ සඳහා රථ වාහන නිලධාරින් 7,000කට අධික පිරිසක් අනුයුක්ත කර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, එම විශේෂ මෙහෙයුම උත්සව සමය අවසන් වන තුරු ක්‍රියාත්මක බවයි.
පැය 24 පුරා අවරණය වන පරිදි මෙහෙයුම ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කළේ ය.
රථ වාහන වැරදි පිළිබඳව මහජනතාවට ද දැනුම්දීමට අවස්ථාව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
මේ අතර, අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීතී උල්ලංඝණය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට දුරකතන අංක 2ක් පොලිසිය දැනුම් දෙයි.
පොලිසිය පැවසුවේ, 119 හා 1997 යන කෙටි දුරකතන අංකවලට මේ පිළිබඳ දැනුම් දිය හැකි බවයි.
එම අංකවලට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකතන අංක වෙත තොරතුරු ලබා දිය හැකියි.
මීට අමතරව මාර්ග නීති උල්ලංඝණය කිරීම හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මඟින් යොමු කිරීමේ හැකියාව ඇතැයි ද පොලිසිය පැවසුවේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.