තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ සෙසු ජනතාවගේ අදායම් වැඩි කරන වැඩපිළිවෙළ ඉදිරි අයවැය තුළින් රටට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව කියා සිටියේ තලවතුගොඩ පැවති ජන හමුවකට එක්වෙමිනි.
"මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවක් තමයි අපේ අය වැය පිළිබඳව. අපි ඔබට බොරු පොරොන්දු දෙන්නෑ. ඡන්ද ලබාගන්න නිකම් ඔළුවට එන එන නිකං එන හිතට එන එන දෙයක් අපි කියන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පත්කරනවා කියනවා කියපු එක අපි කාලයක් තිස්සේ කියපු දෙයක්. ඒ නිසා මේ රාජ්‍ය සේවකයන්ගෙත් මේ රටේ වැඩ කරන සමස්ත ජනතාවගේත් ආදායම් වැඩි වන විදිය, පඩි වැඩි කරන විදිහ ගැන එනම් අයවැය තුළ, අපි රටට ඉදිරිපත් කරනවා. පඩි වැඩි කිරීම පිළිබඳව සැලසුමක් පඩි වැඩි කරන අතරම සේවකයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීයමයභාවය රකින්නත් වෘත්තීයමයභාවය ශක්තිමත් කරන්නත් සැලසුමක් එක්ක ඔබට අයවැය ඉදිරිපත් කරන්නේ. ජනතාවට සේවයක් වන මහජන සේවාවන්වලට ප්‍රමුඛතාවයක් දෙන අයවැයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. මේ රට තුළ ආර්ථික වර්ධනය ලබා ගන්නා අතරම සමාජ ආරක්ෂණය තහවුරුවන අයවැයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. මේ සියල්ල තහවුරු කරන්නත් මේ සියල්ල ක්‍රියාත්මක කිරීමටත් තමයි අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනේ. පාර්ලිමේන්තුව තුළ ප්‍රතිපත්ති හදනවා නම් ප්‍රතිපත්ති ගරුක අය ඉන්න ඕනෑ. පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය සිද්ධ වෙනවා නම්, අවමයක් වශයෙන් නීතිවලට ගරු කරන අය ඉන්න ඕනේ. මහජන මුදල් කියන එක ඒකට වග කියන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ. අපිට මේ රට හදන්න පුළුවන් කියන විශ්වාසය ගොඩ නැගුවේ ඔබ සියලු දෙනා. පුරවැසි අවදි වීම හරහා මේ ලංකාව තුළ අද මේ සිද්ධවෙන පරිවර්තනය දිහා මුළු ලෝකයම බලන් ඉන්නෙ, මෙවැනි වෙනසක් මෙවැනි පරිවර්තනයක් කරන්න පුළුවන්, පුරවැසි බලයක් මෙහෙම ගොඩ නගාගෙන, රටට ලෝකෙටම ආදර්ශයක් දෙන්න පුළුවන් උණු හින්දා. ඒක ගැන අපි ආඩම්බර වෙන්න ඕන. අපි දියවන්නාව සුද්ද කරමු. අපිට ආඩම්බර වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදාගමු."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.