මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වලට පැය 24ක් තුළ සුළු ගංවතුර අවදානමක්
ඉදිරි පැය 24ක කාලය තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
හෙට(26) පැවැතිවීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද උදෑසන සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලයේදී එම කටයුතු සිදුවන බවයි.
ඒ අනුව,ඡන්ද මධ්‍යස්ථාන 48 ක් සඳහා නිලධාරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය මේ යටතේ සිදුවනු ඇති අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු ප්‍රකාශ කළේ ය.
හෙට පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්දය ගණන් කිරීමද ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි පැය 24ක කාලය තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය.