වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න- නාමල් රාජපක්ෂ
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි පොලිසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබා දී ඇති බව ය.
ඒ අනුව, හදිසි අවශ්‍යතාවකදී 0718592651 යන දුරකතන අංකයෙන් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී වෙත දැනුම් දිය හැකි බව ය.
මේ අතර, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දෙමින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරනු ලැබී ය.
ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇති බව එම කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, සිය කාර්ය මණ්ඩලයට මෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඇමෙරිකානු පුරවැසියන්ට ද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට උපදෙස් නිකුත් කර ඇති බව ය.
(උපුටා ගැනීම - BBC සිංහල සේවය)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.