ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් අනුමැතිය ලබා දුන්නේය.
මෙම ප්‍රාථමික විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තෙම්න්තුවේ ව්‍යුහ කමිටුව ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දීම ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත.
මව්පියන්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබු යෝජනා රැසක් සැලකිල්ලට ගනිමින් පළාත් දෙපාර්තමේන්තුව නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම විද්‍යාලය 1939 එස්.ඩබ්ලිව්.ආරඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමිව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම් වලින් ද හදුන්වා ඇත.
මෙම පාසල කුණ්ඩසාලෙ අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා විද්‍යාලයකි.
වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී එහි කොටසක් ජලාශයට යටවී ඇත. පසුව බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබිය.
වැසි යාමේ තර්ජනයට ලක් වූ මෙම විදුහල ‘ලගම පාසල හොදම’ පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේ දී ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය’ යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කළේය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.