වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න- නාමල් රාජපක්ෂ
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අද (13) පස්වරුව වන විට එම අපේක්ෂකයින් අදාළ වාර්තා භාරදී තිබූ බවය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.
එම කාලය තුළ අදාළ වාර්තා ලබා නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව අද පස්වරුව වන විටත් අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ සිය වියදම් වාර්තා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිටි බව වාර්තා විය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 24ක් ද සිය වියදම් වාර්තා ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (14) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.
හෙට දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ලබන 18 වන දින ඒ සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වනදා පැවැත්වීමට නියමිතය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.