මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවය.
මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ.
ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 233ක් වන බව සඳහන්ය.
මේ අතර ගතවු පැය 24ක කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් අත්තනගලුඔය හා කැලණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්. සකුරා දිල්තාර මහත්මිය.
"ගතවු පැය 24 තුළ බොහෝ ප්‍රදේශයන්ට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබී තිබුණා. මේ තත්ත්වය හමුවේ අත්තනගලුඔය ද්‍රෝණියෙත්, කළු, කැලණි, ගිං යන ද්‍රෝණිහි ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතිනවා. නමුත් තවමත් ජලයෙන් යට වූ ප්‍රදේශ පවතින නිසා ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වනවා. විශේෂයෙන්ම අත්තනගලුඔය ද්‍රෝණියේ තවමත් ජලයෙන් යටවූ පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා. ඒ වගේම කැලණි ගංගාව අවට පහත් බිම් තවම ජලයෙන් යටවී පවතිනවා. කෙසේවෙතත් මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. වර්ෂාව අඩුවීමත් සමග මෙම ගංගා ද්‍රෝණින්හි ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක තමයි පවතින්නේ එම නිසා ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබුණොත් මෙම ගංගා ඉතා ඉක්මනින් නැවතත් ඉහළ ගංවතුර තත්ත්වයන් දක්වා පැමිණිමට හැකියාවක් පවතිනවා."
මේ අතර ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය පැවසීය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.