ඒ අනුව ඔහු 2024.10.10 දින සිට 2025.10.09 දක්වා වසරක් සේවයේ යෙදීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.
කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වූ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේය.
එම සිදුවීම්වලට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අබිරහස් හෙළිකරගත් විමර්ශන කටයුතුවල නියැළුණු නිලධාරියෙක් ලෙස ද ශානි අබේසේකර හැඳින්විය හැකිය.
ඔහු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඇතුළු ආන්දෝලනාත්මක විමර්ශන සිදු කරමින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවිතාරක්ෂාව පවා අනතුරක පැවති පසුබිමක සියලු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ක්‍රියා කළ ජනතාව අතර ප්‍රසාදය දිනාගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.
2019 නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ශානි අබේසේකර එවකට දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කොට ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ධුරයට පත්කරන ලදි. ඉන්පසු 2020 ජූලි 31 දින ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර, පසුව එම අත්අඩංගුවට ගැනීම අසත්‍ය චෝදනාවක් මත සිදුකරන ලද්දක් බව තහවුරු විය.
මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.