අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් භාර දෙන්නැයි, දැනුම් දී පැය 48 ක් ගතවී ඇතත්, මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පුද්ගලයින් 1500 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි 1690 ක් ගෙවුණු කාලය තුළ නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අදාළ ගිනි අවි සහ පතොරොම් නොවැම්බර් 7 වැනිදාට පෙර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාර දෙන්නැයි ගිනි අවි භාරකරුවන්ට දැනුම් දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
NewsFirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.