තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
2024 ජනාධිපතිවරණය අවසන් වනතුරු මානව හිමිකම් උල්ලංඝනය වීම් නිරීක්ෂණය කිරීමට විශේෂ ජංගම සේවා පිහිටුවා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා පවසයි.
"මානව හිමිකම් කොමිසම ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන්නේ ද යන කාරණය ගැන විශේෂ නිරීක්ෂණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රධාන කාර්යාලයේ වෙනම යුනිට් එකක් හදලා නිලධාරීන් යොදවලා තියෙනවා. ඒ වගේම ජංගම සේවා පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා ඒ තත්වයන් නිරීක්ෂණය කරන්න. ඒවගේම ප්‍රාදේශීය කාර්යාලවලට උපදෙස් දීලා තියෙනවා ඡන්දය දිනයේ සහ ඊට පසුදිනයේ ඒ අවස්ථා අධීක්ෂණය කිරීමට, විශේෂ අවස්ථා තිබේනම් ඊට මැදිහත් වීම් සිදුකිරීමට."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.