ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.
ඒ අනුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙසත් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර, මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විට දිවයිනේ සියලු තේරීම්භාර නිලධාරීන් වෙත යවා අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ ඡන්ද පෙට්ටි එළඹෙන 20 වෙනිදා ඡන්ද මධ්‍යස්ථාන සදහා නිකුත් කරනු ඇති.
ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල වීම හේතුවෙන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝට් පෙට්ටි භාවිත කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව ප්‍රමාණ 3කින් කාඩ්බෝඩ් පෙට්ටි නිර්මාණය කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.