මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින ඉන්දීය අදානි සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ගෙවීමේ ප්‍රමාදය නිසා බංග්ලාදේශයේ විදුලිබල අර්බුදයක් ඇතිවීමේ අවධානමක් මතුව තිබේ. මේ අතර ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අදාළ ඩොලර් මිලියන 500 ගෙවන ලෙස අදානි සමාගම බංග්ලාදේශයට තර්ජනය කරමින් ඇති බවයි.
01 -මොකක්ද මේ ඉන්දියානු- බංග්ලාදේශ බලශක්ති ප්‍රශ්නය?
මේ ප්‍රශ්නයට මුල අදානි සමාගම සමඟ අත්සන් තබනු ලැබූ මෙගාවොට් 1600ක ගල් අඟුරු විදුලිය සැපයීමේ ගිවිසුමක්.
මේ ගිවිසුම විනිවිද භාවයෙන් තොර, අධීක මිලට විදුලිය ලබාගන්නා ගිවිසුමක් බව නැගෙන චෝදනාවයි.
මේ වන විට බංග්ලාදේශය බලශක්තිය වෙනුවෙන් ඩොලර් බිලියන 3.7කට වැඩි ණයකින් පෙළෙනවා.
එයින් අදානි සමාගමට ණය වී ඇති ඩොලර් මිලියන 800කින් වහා ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 492ක්.
දැන් අදානි සමාගම බංග්ලාදේශයට අදාළ ණය ගෙවන්නැයි බලපෑම් කරමින් සිටින බව ෆයිනෑන්ෂීයල් ටයිම්ස් ඇතුළූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
02- මේ ප්‍රශ්නය ආරම්භ වුණේ කොතැනින්ද?
මේ ප්‍රශ්නයේ මුල් අවස්ථාව නිර්මාණය වෙන්නේ 2000 මුල.
මූලික ගිවිසුම්වලදී ක්ෂණික බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා කුඩා පරිමාණ බලශක්ති හුවමාරුව කෙරෙහි අවධානය යොමු කෙරිණි.
මුල්ම බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම 2017 නොවැම්බර් මාසයේදී Adani Power සහ බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය (BPDB) සමඟ එළැඹුණේ 25 වසරකටයි.
මෙම ගිවිසුමෙන් ඉන්දියාවේ ජාර්කාන්ද් හි අදානිගේ ගොඩා බලාගාරයෙන් මෙගාවොට් 1,496 ක විදුලිය බංග්ලාදේශයට සැපයීමට ගිවිසුම් ගතවුණා.
03- මේ ගිවිසුම පාඩුද?
ඔව්
ගිවිසුම පාඩුයි.
2023 වසරේදී , බංගලාදේශය, ඉන්දියාවේ වෙනත් විදුලි නිෂ්පාදකයින්ගෙන් විදුලි ඒකකයක් ටකා 7.83 බැගින් මිලදී ගනිද්දී අදානි ගේ විදුලිය මිලදී ගෙන තිබෙන්නේ ඒකකයක් ටකා 14.02ක මිලකටයි.
මේ නිසා අදානි සමඟ ඇතිකරගත් විදුලි ගිවිසුම දැන් බංග්ලාදේශයේ භාණ්ඩාගාරයට අධීක බරක්වී තිබෙනවා.
එය තවත් උග්‍ර කර ඇත්තේ පවතින තත්වය තුළ බංග්ලාදේශයේ මුදල් ඒකකයද අවප්‍රමාණය වීමත් සමඟයි.
04 - ඉතින් අර්බුධකාරී සහ පාඩු ලබන අදානි - බංග්ලාදේශ බලශක්ති හුවමාරු ගිවිසුම අවලංගු කළ නොහැකිද?
ඒක විවාදාත්මකයි.
ගිවිසුමේ වගන්ති පිළිබඳ පැහැදිලිතාවක් නැති බව එරට හිටපු බලශක්ති උපදේශකවරන් කිහිප දෙනෙකුම පෙන්වා දී තිබුණා.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ 2010 කඩිනම් විදුලිබල හා බලශක්ති සැපයුම් විශේෂ පනත යටතේ සකස් කර අත්සන් කළ මෙම අවාසිදායක ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට දැන් අවස්ථාවක් උදාවීඇති බවයි.
ගනුදෙනුව නිසි ලෙස සමාලෝචනය කර සංශෝධනය කිරීමෙන්, පිරිවැය අවම වශයෙන් 50% කින් කපා හැරිය හැකි බවට එරට විද්වතුන් යෝජනා කරනවා.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.