මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරටට භාණ්ඩ ආනයනය කරනු ලබන අවස්ථාවේදී අය කරනු ලබන බදු වර්ග එනම්, රේගු ආනයන බද්ද (තීරු බද්ද), සෙස් බද්ද, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සහ වරාය සහ ගුවන්තොටු පොළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු වන සහ කාලීනව ඉදිරිපත් වී ඇති දේශීය කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් මත, පහත සඳහන් පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
* විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව පවතින ඇතැම් ආනයන භාණ්ඩ එම බද්දෙන් නිදහස් කර රේගු ආනයන බද්ද ඇතුළු සාමාන්‍ය ආනයන බදු ව්‍යූහයට ඇතුළත් කිරීම.
* දුඹුරු සීනි ආනයනය සඳහා ආනයන රේගු බද්ද සංශෝධනය කිරීම.
* දේශීය කර්මාන්ත බලගැන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිදේශ මත රේගු සංකේතාංක 225 යටතට අයත් පාවහන්, ඇසුරුම්, විදුලි යන්ත්‍රෝපකරණ, ප්ලාස්ටික් සහ රබර් කර්‌මාන්තයට අයත් අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ සම්බන්ධයෙන් ආනයන බදු සංශෝධනය කිරීම.
* ළමා සහ වැඩිහිටි අපද්‍රව්‍ය අවශෝෂක (Diapers) සහ ඒ සඳහා වන අමුද්‍රව්‍ය මත වූ බදු අඩු කිරීම.
* ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා අදාළ වන පරිදි බදු සංශෝධනයන් හඳුන්වා දීම.
* දේශීයව පා පැදි උපාංග නිෂ්පාදන කර්මාන්තය, මුද්‍රණ හා මුද්‍රණ කර්‌මාන්තය, තීන්ත දේශීයව රෙදි සෝදන යන්ත්‍ර, ලයිටර් නිෂ්පාදන කර්මාන්ත සහ ළමා නිමි ඇඳුම් ආනයනය සම්බන්ධයෙන් පවතින ආනයන බදු විෂමතාවන් ඉවත් කිරීම. සහ තල් හා තල් නිෂ්පාදන අපනයනය නය ප්‍රර්වධනය, විදුලියෙන් ක්‍රියා කරන සෙල්ලම් භාණ්ඩ හා දේශීය නිෂ්පාදනයට ඖෂධ යොදා ගන්නා තිප්පිලි වෙන්ව හඳුනා ගැනීමට නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක හඳුන්වා දීම සහ දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනයේදී සෙස් බදු නිදහස් කිරීම සඳහා පවත්නා ක්‍රමවේදය සරල කිරීම.
ඉහත සඳහන් පරිදි ආනයන බදු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිණිස පහත සඳහන් පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ආඥාවක් නිකුත් කර එමඟින් රේගු ආනයන බදු සංශෝධනය කිරීම.
* 1979 අංක 40 දරන අපනයන සංර්වධන පනත යටතේ සෙස් බදු සංශෝධනය කිරීම.
* 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පැනවීම.
අදාළ සංශෝධනයන්ට බදු සමගාමීව 2011 අංක 18 දරන වරාය ගුවන්තොටුපොළ සංර්වර්ධන බදු පනත සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අවශ්‍ය වන ක්‍රියාමාර්‌ග ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.