ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලියට  එක්ව සහයෝගය පළ කළාය.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඇය මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නීය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.