සරණට වසර 4ක සිරදඬුවමක් : නඩු 4ටම වරදකරු
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන ට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.
තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
අද (18) කිරිබත්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
"මං දැක්කා අනුරාධපුරයේදී රනිල් වික්‍රමසිංහ අහනවා ප්‍රශ්නයක් අනුර මේකට උත්තර දීපිය, ආ දියාපියෝ (සිනහවකින්). අපි අපහාස කරන්න ඕන නැහැනේ, අපි කවුරුත් වයසට යනවානේ.
මං එක උත්තරයක් කියන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කරලා සිංගප්පූරුවට පැනලා ඉන්න අර්ජුන මහේන්ද්‍රව ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍ර කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා මේ ගණුදෙනුව කරන්න කියලා උපදෙස් දුන්නේ මහ බැංකු භාර ඇමති රනිල් වික්‍රමසිංහ කියලා. අර්ජුන මහේන්ද්‍රන්ව රටෙන් පැන්නුවා.
ඒ නිසා එයා ඇහුවනේ කරන්නේ මොකක්ද කියලා. කරන ප්‍රධානම වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍රව ගේනවා. උසාවිය කටඋත්තර ගන්නවා. ඊළඟට ඔයත් ගේනවා. ඔච්චරයිනේ. මේක වැඩිය කියන් නැතුව කරන්න හිතන් හිටියේ. අහපුවාම නොකියා බැහැනේ".
එමෙන්ම, තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියේදීය.
"අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා ඒ යුගය අපි බිහිකරනවා. බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමය. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා. හැබැයි අපි එක දෙයක් කියනවා විරැකියාවෙන් පෙළෙන මේ ප්‍රදේශවල සමස්ත තාරුණ්‍යයට කුඩා තේ වතුහිමියන් හැටියට රටේ තේ නිෂ්පාදනයට දායකත්වය ලබාදෙන්නට අපි ක්‍රමවේදය හදනවා. රජපක්ෂලාට කත්ඇදලා රට බංකොලොත් කළ කණ්ඩායම්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙලා. රටේ ජනාධිපති අද රාජපක්ෂලා ආරක්ෂා කරනවා. මට කියනවා පැනලා ගියාලු. මම පැනලා ගියේ නැහැ. මම කවදාවත් වෙනත් අපේක්ෂකයෝ දැම්මේ නැහැ. කී දෙනෙක් කිව්වද ජනාධිපති ක්‍රමය ගැන. කවුරුත් වෙනස් කළේ නෑ. මට මේ තනතුරු ආසාව නැහැ. මම විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම ඉවත් කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන ට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයේ ෆයිල් යට ගැසූ, බුද්ධි අංශ වාර්තා සැඟවූ නිලධාරීන් ආරක්ෂා කරමින් යුද්ධය අවසන් කිරීමට උරදුන් බුද්ධි අංශ නායකයින් සිරගත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (7) කැකිරාවේ පැවති ජන හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
වසරකට අධික කාලයක් තිස්සේ නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම අද (08) වෙහෙරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ කර තිබේ.