ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මැදපෙරදිග ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට විශේෂ වැඩපිළිවෙලක් සූදානම් කර තිබෙන බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් මේ වනවිට වෙන් කර අවසන් බවත් කම්කරු හා විදේශ රැකියා අමත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා මේ බව ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න තුරු ආරක්ෂිත ස්ථාන වල තබමින් ඔවුනට අවශ්‍ය සියලු පහසුම් ලබා දීමට සැලසුම් සුදානම් කර තිබෙන බවත්, මැදපෙරදිග කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව රජයක් ලෙස නිරන්තරයෙන් සැළකිලිමත් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ වන විට ඊශ්‍රායලයේ පමණක් ශ්‍රී ලාංකිකයින් 12,000 කට වැඩි පිරිසක්, ජෝර්දානයේ 15,000 කට වඩා වැඩි පිරිසක්, ලෙබනන් රාජ්‍යයේ 7,500 ක පමණ පිරිසක් හා ඊජිප්තුවේ 500 ක පමණ පිරිසක් රැකියාවල නිරත වී සිටි.
මුහුදෙන්, ගොඩබිමෙන් හෝ ඕනෑම ආකාරයකින් හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයා වෙනම කමිටුවක් ද පත් කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් ද ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවට අමාත්‍යවරයා පැවසීය.
මැදපෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් මෙරටට ඩොලර් නොමැති වීමේ ගැටළුවක් ඇති විය හැකි බවත්, මෙරටට අවශ්‍ය තෙල් සහ ගෑස් ගෙන්වීමට කටයුතු කරන්නේ විදෙස් ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේෂණ වලින් බවත්, එය නොමැති වුවහොත් මෙරටට අර්බුදකාරී ලෙස බලපෑ හැකි බවත් මෙහි දී ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මේ අවස්ථාවේ දී කලබල නොවන ලෙසත්, හදිසි තීරණ ගෙන දේශ සීමා තරණය නොකරන ලෙසත්, ආරක්ෂාකාරීව වැඩ කටයුතු කරන ලෙසත් විදේශ ශ්‍රමිකයින් වෙත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.