තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සරල මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් මුඛ පිළිකාවක් සෑදීමේ අවධානම කල්තියා හඳුනාගත හැකි බවත් එලෙස හඳුනාගැනීමෙන් එය දරුණු පිළිකා තත්ත්වයකට යාමට නොදී වළක්වාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේ අදට (27) යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයට සමාගාමීව පසුගියදා (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මුඛ සහ ගෙල පිළිකා සම්බන්ධයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ විශේෂ අවධානය යොමු වන්නේ මුඛ පිළිකා බවත් වසර ගණනාවක සිට මෙරට පිරිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාව බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
කාන්තාවන් අතර හටගන්නා පිළිකා අතර මුල් 10ට එනම් 08 වන ස්ථානයට මුඛ පිළිකාව ඇතුළත් වන බවද මෙම පිළිකාව සෑදීමට වඩාත්ම වැදගත් හේතුව ලෙස අප සංස්කෘතියෙහි පුරුද්දක් වශයෙන් පැවත එන බුලත් විට සැපීම සැලකෙන බවද ඔහු පැවසුවේය.
අද අපි හඳුනාගන්නා මුඛ පිළිකා වලින් බහුතරය හඳුනාගන්නේ එම පිළිකා තත්ත්වය දරුණු තත්ත්වයකට වර්ධනය වීමෙන් පසුව බවද, ස්වයං මුඛ පරීක්ෂාවක් හෝ සායනික මුඛ පරීක්ෂාවක් මගින් මුඛ පිළිකා හඳුනාගත හැකි බවද වැඩිදුරටත් පැවසුවේය.
ස්වයං මුඛ පරීක්ෂාව තමන් විසින්ම සිදුකරගත හැකි බවද සායනික මුඛ පරීක්ෂාව සඳහා රජයේ රෝහලක සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාමෙන් සිදුකරගත හැකි බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පැවසීය සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.