වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල වූ අයට වන්දි ලැබෙන්නේ මෙහෙමයි
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
සරල මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් මුඛ පිළිකාවක් සෑදීමේ අවධානම කල්තියා හඳුනාගත හැකි බවත් එලෙස හඳුනාගැනීමෙන් එය දරුණු පිළිකා තත්ත්වයකට යාමට නොදී වළක්වාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේ අදට (27) යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයට සමාගාමීව පසුගියදා (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මුඛ සහ ගෙල පිළිකා සම්බන්ධයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ විශේෂ අවධානය යොමු වන්නේ මුඛ පිළිකා බවත් වසර ගණනාවක සිට මෙරට පිරිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාව බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
කාන්තාවන් අතර හටගන්නා පිළිකා අතර මුල් 10ට එනම් 08 වන ස්ථානයට මුඛ පිළිකාව ඇතුළත් වන බවද මෙම පිළිකාව සෑදීමට වඩාත්ම වැදගත් හේතුව ලෙස අප සංස්කෘතියෙහි පුරුද්දක් වශයෙන් පැවත එන බුලත් විට සැපීම සැලකෙන බවද ඔහු පැවසුවේය.
අද අපි හඳුනාගන්නා මුඛ පිළිකා වලින් බහුතරය හඳුනාගන්නේ එම පිළිකා තත්ත්වය දරුණු තත්ත්වයකට වර්ධනය වීමෙන් පසුව බවද, ස්වයං මුඛ පරීක්ෂාවක් හෝ සායනික මුඛ පරීක්ෂාවක් මගින් මුඛ පිළිකා හඳුනාගත හැකි බවද වැඩිදුරටත් පැවසුවේය.
ස්වයං මුඛ පරීක්ෂාව තමන් විසින්ම සිදුකරගත හැකි බවද සායනික මුඛ පරීක්ෂාව සඳහා රජයේ රෝහලක සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාමෙන් සිදුකරගත හැකි බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පැවසීය සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.