පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු විසඳීමට උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස තමන් ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම මාසය අවසන් වන විට ඔහුට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සරය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයට එක්වෙමිනි.
"පසුගිය වසර 04ක් අප අධ්‍යාපනය සඳහා වියදම් සීමා කර තිබුණා. ඒ නිසා අපට දැන් අධ්‍යපනය වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුව තිබෙන අතර නව තාක්ෂණය සමඟ පාසල් පද්ධතිය ගොඩනැඟිය යුතු වෙනවා. අද අපි මෙම ප්‍රදර්ශනයේදී විද්‍යාලයේ සිසුන් පිරිසක් නිෂ්පාදනය කළ ඩ්‍රෝන යන්ත්‍ර දුටුවා. ඒ වගේම පාසල්වල කෘත්‍රීම බුද්ධි (AI) සමාජය ඇති කරගෙන යනවා. මෙම කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. ඒ වගේම පාසල් සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගත යුතුයි. අධ්‍යාපන ක්ෂේත්රයේ මෙම ගැටලු විසඳීමට කරන උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස මම ඊලොන් මස්ක් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම මාසය අවසන් වන විට එතුමාට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම පාසල් අධ්‍යාපනය නිම කරන තරුණ තරුණියන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. අපට වසර 04ක් රැකියා ලබා දීමට නොහැකි වුණා. ඉදිරියේදී මෙම පිරිස තවත් වැඩි වෙනවා. ඒ සඳහා අප විසඳුමක් සොයා දිය යුතුයි. මෙම ප්‍රශ්න වැඩි වුණොත් නැවත රට තුළ විරෝධතා ඇතිවිය හැකියි. එවිට ජාත්‍යන්තරය එය දකිනවා. එසේනම් රැකියා ආදායම් මාර්ග ඇති කිරීමට රට තුළ විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.