ආමාශය තුළ අයිස් ප්‍රවාහනය කළ අධිවේගී බස් රියදුරෙකු මරුට
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබේ.
කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය මහතා සඳහන් කළේ මේ වනවිට නාගරික ප්‍රදේශ තුළ ජීවත්වන පුද්ගලයින්ගෙන් සියයට 20ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවය.
දියවැඩියාව රෝගයේ, රෝග ලක්ෂණ සහ ඉන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය උදිත පුළුගහපිටිය වැඩිදුරටත් පැවසීය.
"අපි සෑම දෙනාම දියවැඩියාවට ගොදුරු නොවී ජීවත්වීමට උත්සාහ ගත යුතුයි. ඒ වෙනුවෙන් පැයක් හෝ පැය භාගයක් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයයි. අධික සීනි සහිත ආහාර අඩු කරලා වැඩි වශයෙන් එළවලු, මස්, මාළු සහිත ආහාර වෙලකට යොමු වීමෙන් සහ තමාගේ උසට සරිලන බර පවත්වා ගැනීමෙන් දියවැඩියාවෙන් තෙරව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට පුළුවන්."
"පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව තිබෙනවා නම්, අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රරෝල් නමැති රෝගී තත්ත්වය තිබෙනවා නම්, බෙල්ල ප්‍රදේශයේ කළු පැහැ ගැන්වීමක් වගේ දකින්න තිබෙනවා නම්, මුහුණ ප්‍රදේශයේ කෙස් වැවීම වැනි තත්ත්වයන් තිබෙනවා නම් එවැනි අවස්ථාවලදී දියවැඩියාව තිබේදැයි දැන ගැනීම සඳහා පරීක්ෂා කරගැනීම වැදගත්."
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව සීමා පනවමින් ශ්‍රී ලංකාව ඇතුළු අනුමත රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.