2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ තිසත් විජේගුණවර්ධන යන අය කතානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී ඉල්ලීමක් කර ඇත.
මේ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගිය 12 වැනිදා කැඳවා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කෙසේ වෙතත් එවැනි තර්ජනයක් ගැන තමාට වාර්තා වී නැතැයි පොලිස්පතිවරයා එහිදී පැවසූ බව දැනගන්නට ඇත.
මේ අවස්ථාවේදී කරුණු දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී සමහරුන් එදා ප්‍රකාශ කළේද මෙවැනි කතා බව ප්‍රකාශ කර ඇත.
මෙම තර්ජනය ගැන දැන ගන්නට ලැබීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ලිපි කිහිපයක් පසුගිය කාලයේදී යොමු කර ඇතත් ඒවාට පිළිතුරක් හෝ නොලැබුණු බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දියාවේ ගුජරාටියේදී අත්අඩංගුවට ගත් අයිඑස් ත්‍රස්තයන් පිරිසක් විපක්ෂ නායකවරයාට ඇති මෙම තර්ජනය ගැන අනාවරණය කර තිබූ බවද ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලා විපක්ෂ නායකවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්නැයි අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
විපක්ෂ නායකවරයාට ඇති තර්ජනය පිළිබඳව වාර්තාවක් වහාම කැඳවා ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා එහිදී දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.