2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක නිළධාරීන්ගේ සංගමය සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇති වූ එකඟතාවයක් අනුව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම තීරණයට එළඹී ඇති බවයි වාර්තා වෙන්නේ.
පවතින තත්ත්වය තුල මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයක පවතින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඉදිරි නිශ්චිත කාලරාමුවක් තුල සිය ඉල්ලීම සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ඉදිරි වෘත්තීය ක්‍රියා මාර්ග සැලසුම් කිරීමට තීරණය කර ඇති බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සන්ධානය වෙත යොමු කරන ලද ලිපියක් මඟින් ඔවුන් දැනුම් දී තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.