තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (09) දිනයේද ක්‍රියාත්මකයි.
විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ (08) සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණි.
ඒ අනුව, ඊයේ දිනයේ දී දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට වාර්තා කර නොතිබූ බැවින් රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතුවලට එයින් දැඩි බාධා එල්ල විය.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ, සිය ඉල්ලීමට බලධාරීන් මෙතක් යහපත් ප්‍රතිචාර ලබා දී නොමැති බැවින් අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.