ආමාශය තුළ අයිස් ප්‍රවාහනය කළ අධිවේගී බස් රියදුරෙකු මරුට
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට එරෙහි ශේර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහි පාර්ශ්වකරුවන් ලෙස ජාතික ජන බලවේගය මැදිහත් වන බව එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ‘මව්බිම’ට පැවැසීය.
ඔහු පැවැසුවේ නීතිඥ සහාය ගැනීමට ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.
ආණ්ඩුව ඡන්දය කල්දැමීම හා ජනාධිපතිවරයා තවදුරටත් බලයේ ඉඳීමේ කුමන්ත්රණයේ කූටප්රාප්තියට පැමිණෙන අරමුණු කොට ගෙන මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුවේ අවබෝධය තුළ ශේර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර මෙම කැත මාරාන්තික කුමන්ත්‍රණය අධිකරණය තුළ පරාජයට පත් කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කළ බවද ඔහු පැවැසීය.
විශේෂයෙන්ම එය පරාජයට පත් කළ හැකි යැයි දැඩි විශ්වාසයක් පවතින බවත් එම පෙත්සමට එරෙහි මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස ජාතික ජන බලවේගය ඉදිරිපත්වීමට සූදානම් බවත් ඔහු පැවසීය.
ඒ අනුව කුමන්ත්‍රණය පරාජයට පත් කරනවා පමණක් ම නොව ජනාධිපතිවරණයේදී ද මෙම කූට කල්ලිය පරාජයට පත් කරන බව ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෙවැනි ව්‍යාකූලත්වයක් හා අස්ථාවරභාවයක් නිර්මාණය කරමින් ජනතාව තුළ නොසන්සුන්භාවයක් ඇති කිරීමට දරන උත්සාහයට මහ ජනතාව ලෙස කලබල නොවන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ ය.
- අනුරාධා හේරත් (මව්බිම)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උදරය තුළ සඟවාගෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව සීමා පනවමින් ශ්‍රී ලංකාව ඇතුළු අනුමත රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් බඳවා ගැනීම සඳහා කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.