ළමා දින ජාතික සතියට අනුමැතිය
ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල ට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් ඔහු මුදාහැරීමට ඊයේ (24) නියම කර තිබෙනවා.
තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලිසියෙන් ප්‍රශ්න කර තිබුණා.
සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්ගල අධිකරණයේ පෙනී සිටි බව සඳහන්.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කඳාන පොලිසියේ නිලධාරීන් පසුව ලබාදෙන බව පවසා ගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු ලබානොදී වංචා කිරීම, විශ්වාශය කඩ කිරීම සහ එම මුදල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම යටතේ කෙටුම්පත් කළ චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
කඳාන පොලිසියේ නිලධාරීන් විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය කියවා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ඒ අවස්ථාවේදී කරුණු දක්වමින් මෙම සිද්ධියට පාදක මුදල් තම සේවාදායකයා විසින් ‘මාර්ග ගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධියේ පැමිණිලිකරු මේ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටින බව පැවසු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න අවශ්‍ය නම් මෙම මුදල් ලැබුණාද? කියා ඔහුගෙන් සැක හැර දැනගැනීමට හැකියාව ඇතැයිද පවසා තිබෙනවා.
ඒ අවස්ථාවේදී සිද්ධියේ පැමිණිලිකරු වන ගනේමුල්ල පොල්පිතිමුකලාන ප්‍රදේශයේ පදිංචි නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා අධිකරණය හමුවට කැඳවු මහෙස්ත්‍රාත්වරයා නඩුවට පාදක වු මුදල් සැකකරු විසින් තමන්ට ගෙව්වාද? යනුවෙන් ප්‍රශ්න කර තිබුණා.
එම ප්‍රශ්ණයට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් සිද්ධියේ පැමිණිලිකාර නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා නඩු කීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පොලසිය දැනුම් නොදීම නිසා පසුගිය දිනයේ අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වු බවත් පැවසු බව සඳහන්.
මෙම නඩුව අවසන් කර දෙන්නැයි ගල්වලආරච්චි නමැත්තා අධිකරණයෙන් ඉල්ලමක්ද කර තිබෙනවා.
news19
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධ වැදගත් ගිවිසුම් කිහිපයකට පසුගියදා බැංකොක් නුවරදී අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.
හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති World Athletics Ultimate Championship තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.