ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසු එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය ලෙසයි සැළකෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්​ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි කියා සිටියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ වැඩිදුර කටයුතු සාකච්ඡා කරනු ඇති බවයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.