ජනරල් ජානක පෙරේරාගේ බිරිඳගේ නම කල්‍යාණිය. ඒනිසා ඩොලර්පාම් කෙන්ට් පාම් ගොවිපළ දෙක ජනක පුර සහ කල්‍යාණ පුර වී ඇත. ජනරල් ජානක පෙරේරා කීවාම මතක් වෙන්නේ මුලතිව් වැලිඔය සිංහල ගම් කොලනියයි. ජනරාල් ජානකටත් කලින් මේ බිමට පදනම හදන්නේ ගාමිණි දිසානායක සහ දිඹුලාගල හාමුදුරුවන් ය. ඒ උතුරේ දෙමළුන් දකුණට තම රාජ්‍ය ප්‍රසාරණය කරනවාට විරුද්ධව ය.

ජනරල් ජානක පෙරේරාගේ බිරිඳගේ නම කල්යාණිය. ඒනිසා ඩොලර්පාම් කෙන්ට් පාම් ගොවිපළ දෙක ජනක පුර සහ කල්යාණ පුර වී ඇත. ජනරල් ජානක පෙරේරා කීවාම මතක් වෙන්නේ මුලතිව් වැලිඔය සිංහල ගම් කොලනියයි. ජනරාල් ජානකටත් කලින් මේ බිමට පදනම හදන්නේ ගාමිණි දිසානායක සහ දිඹුලාගල හාමුදුරුවන් ය. ඒ උතුරේ දෙමළුන් දකුණට තම රාජ්ය ප්රසාරණය කරනවාට විරුද්ධව ය.
 
එකළ මේ වාටි ගම්වලට කීවේ මායිම්ගම්මාන කියලා ය. එහි එකල සිටියෝ ජාතිය සුරකින මුර දේවතාවෝ ය. වැලිඔය මහවැලි කලාපයක් කීවාට මෙහි ඕසෙට වැස්සට පිරෙන හිනාවෙන නැළවෙන සෝබමාන වැව් ඇති වුණාට ඒවාට මහවැලියෙන් වතුර දෙන්නේ නැතිය. ඒනිසා වැස්සක් අහලක නැති නියන් සායට ගොවිතැන් නැත. ධීවර කම් නම් යාන්තමට ඇත.
 
නිසි රැකියාවක් නැතිවුණත් ගොවිතැනට වතුර නැතිවුණත් කාලෙන් කාලෙට මෙහි ගෙනවිත් අතාරින මිනිස්සු නැවත පදිංචි කිරීම් නම් කැටගරිය යටතේ පදිංචි කරන අතර තවමත් එය සිදුවෙයි. 2013 රාවයේ කතු මඩුල්ලට පැමිණි පසුව මේ කොන නිතර නිතර ගාටන්නට වුණ අතර මුලින්ම මෙහි ගියෝ වකුගඩු අමාරුව ගැන ආටිකල් එකකට ය. Hasith Senarathna මිත්රයා මේ ජනපදයේ නේවාසික පීඑච්අයි වරයෙක් වීම නිසා මේ යාම් ඒම් තව තවත් වැඩිවුණ අතර වැලිඔය ගැන මම ලියා ඇති ආටිකල් කන්ද ද ඒනිසාම උඩට උඩට උස ගියේ ය.
 
ක්ෂුද්ර මූල්ය අර්බුදය නිසා මිත්රයෙක් වුණ Renuka Karunarathna වගේ අය නිසා තවතවත් වැලිඔය ගාටන්නට වුණ අතර වාර්තා චිත්රපටි දෙකක්ද නිශ්පාදනය කරන්නට ඒනිසාම හැකිවිය.
 
මේ කාලය අස්සේ වකුගඩු රෝගය, ළමා විවාහ, වගාවට ජලය නැතිවීම, ක්ෂුද්ර මූල්ය අර්බුදය, අලි ප්රශ්නය වැනි මාතෘකාවන් යටතේ වැලිඔය ගැන ලිපි ලියනු ලැබීය. ඒ හැමදේකින්ම එළියට ආවේ මේ බිමට උරුමකරදී ඇති කරුම මානුෂීය ඛේදවාචකයයි. එය ලේසිපාසු දෙයක් නොවෙයි.
 
මහවැලි ගොවි ජනපදවලට උරුම කරුමයක් වුණ ළමා විවාහ ව්යසනයක් බවට පත්වීම වැලිඔයට තිබෙන විශාල ප්රශ්නයක් ය. මහවැලිය හදනවිට මිනිස්සු පදිංචි කරනවිට සිංහලයන්ට උරුමව තිබුණ ලිංගික උරුමය ගැන පාලකයන්ට අවබෝධයක් තිබුණේ නැත. යටත් විජිත ලිංගික ජීවිතයක් අපිට උරුම බව පෙන්නුවත් අභ්යන්තරය තුළ පැවතියේ නිදහස් ලිංගික ජීවිතයක් ය. මහවැලි ඉබාගාතේ ජීවිතය අස්සේ ඒ නිදහස් ලිංගික පැවැත්මට වෙනත් අර්ථයක් ලැබුණ අතර එනිසාම එය යම් ආකාරයක විපරිත තත්ත්වයක උරුමය විය.
 
මෙම නව ලිංගික නැමියාවන් දරිද්රතාවයට ඔරොත්තු දුන්නේ නැත. දරිද්රතාවය සමග අත්වැල් බැඳගෙන මහවැලි ගම්මානවලට කඩාගෙන වැටුණ මත්ද්රව්ය ව්යාපාරය මෙන්ම සොල්දාදු රණවිරු ව්යාපාරය මේ ගම්මානවල ජනජීවිතයට නැඟිටින්නට දුන්නේ නැත. තවමත් දෙන්නේත් නැත. ක්ෂුද්ර මූල්ය අර්බුදයත් එහෙම එක කොනක් ය. අවුලෙන් අවුලට ගිය පවුල් සංස්ථාවන් සහ ළමයි බමයිගේ වර්තමානය යනු මෙහි වර්තමාන ඛේදවාචකයයි.
 
මෙන්න මේ අවුල උඩ තබා කුකුල් චමින්දගේ ළමා හිංසනය තේරුන් ගත යුතුය. කුකුල් චමින්ද යනු ගාමිණි - සීලක්කාර සුසංයෝගයේ දරුවෙක් බව වටහා ගත යුතුය. කුකුල් චමින්දලා මේ බිමට ආවේ රට ආරක්ෂා කරගන්නට ය. කුකුල් චමින්දලා දෙමළුන් දකුණට සංක්රමණය වීම වැළැක්වීමට වැලිඔයට යනවිට අතරමඟ අමතකකර ගියේ මොනවාද යන්න ගැනත් අපි සිතා බැලිය යුතුය. ඊටපස්සේ ඔවුන්ට වැලිඔය ජීවිතය උරුම කරදුන් දේවල් මොනවාද යන්න ගැනත් සිතාබැලිය යුතුය. කුකුල් චමින්දලාට පඩිපෙළට ළමයින් ද පඩි පෙළට ගැහැනුන්ද දුන්නේ වැලිඔයයි. ඒනිසා මායාවැව හැළඹවැව මයුරවැව හංසවැව වගේ වැව් ගම්වල නම්වල ලස්සනට යට තිබෙන ලේ සලකුණු පිළිබඳව මෙන්ම දැළි කුණු මඩ සලකුණු දිහාත් අපි බලන්න ඕනෑ ය.
 
කුකුල් චමින්දගෙන් සහාසික ප්රහාරයට ලක්වූ ගැහැනු දරුවා අවුරුදු 12න් විවාහයට කැපකළ දරුවෙක් වීම වැලිඔය යතාර්ථයයි. එය වැලිඔයට විතරක් නොව පොළොන්නරුව වැලිකන්දටත් එකසේ උරුමයි. මේ උරුමය ගලවා වීසිකිරීම කුකුල් චමින්ද අත්අඩංගුවට ගත්තා වගේ සරළ නැත.
 
හැදිනොගා හදන හොද්ද රස නෑ කියන දකුණට නෝ ගුටි කියා සල්ලි ගරණ එන්ජීඕ දකුණටත් කුකුල් චමින්දලා පයගසා නැඟිට සිටින වැලිඔය පොළව පෙනෙන්නේ නැත. එය එසේ නොපෙනෙන තාක් අපිට කුකුල් චමින්දලාගේ සහාසික ළමා අපයෝජනයන් ගැන මෙන්ම ළමයින් කූරත්වයට පත් කිරීම ගැන ද අවුරුදු 12 ගැහැණු දරුවන් අඹුවන් බවට පත්වීම් ගැනද ඕසෙට කතාකරන්නට පුලුවන් ය. එහෙත් කරුමය මේ හැම ප්රශ්නයක්ම එකිනෙකට බැඳී ගැටගැසී පැවතීමය...
 
නළල සහ නහය කැඩී ලේ ගලන කුකුල් චමින්ද මෙන්ම ඔහුගේ බිරින්ඳෑවන් දෙදෙනා ද සිරගත කිරීම ගැන සතුටට පත්වෙන ගමන්ම වැලිඔය සමාජය යනු කුමක්ද යන්න තේරුන් ගැනීමට උත්සාහ කිරීම හොඳවන්නේ ඒනිසා ය.
 
සටහන : කේ සංජීව (උපුටා ගැනීම කේ සංජීව මුහුණු පොතෙනි) 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.