කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයකින් ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දරුවෙකි.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මහල් 14කින් සමන්විත අදාළ මහල් නිවාසයේ ඉහළ මහලේ පිහිටි පිහිනුම් තටාකය ආසන්නයේ තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ සිටි අවස්ථාවේදී ඔහු පහළට ඇදවැටී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.