මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද(11) රාත්‍රී 7 සිට, හෙට පෙරවරු 7 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනූව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාලුව සහ උඩුපිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනල විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිත යි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.