තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
බත්තරමුල්ලේ පිහිටි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එසේ පැවසීය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 34 කට පසුව පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමේ ප්‍රතිපළ අනුව පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගත් ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් මාසයකුත් දින 4ක් ඇතුළත මෙවැනි සීග්‍ර වර්ධනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට ලබාදීම සම්බන්ධයෙන් ඇල්පිටිය ජනතාවට ගෞරවය පුද කරන බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකයි පනහට වැටුණැයි කියු අයට ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය හොඳ පිළිතුරක් දුන් බව කී සාගර කාරියවසම් පොහොට්ටුවේ නායකයින් උගණ්ඩාවට මුදල් ගෙනගියා යැයි බොරු චෝදනා කර ජනතාව රවට්ටා, ජනතාව නොමග යවා වර්තමාන ආණ්ඩුව ඡන්දය ගත් බව පැහැදිළි බවත් පැවසිය.
.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.