හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය අද (15) පෙරවරු 6ට නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.
නිවාස 88කට අර්ධ හානි
එසේම, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයින පුරා නිවාස 88ක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 7කින් මෙම අර්ධ හානි වූ නිවාස වාර්තා වී ඇති බවය.
මින් වැඩිම අර්ධ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 40ක් අර්ධ හානී වී තිබේ.
මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් නිවාස 4ක්, මෙලෙස අර්ධ හානියට ලක්ව තිබේ.
ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව පීඩාවට
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වේ.
මේ අතර පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බවත්, ඉන් පුද්ගලයින් 104 දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන බෙන්තොට, කතරගම, මහියංගණය, ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සංචාරක ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.