1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තමන් "මෝදර නිපුන" ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන සිදුකර තිබුණි.
කොටහේන, ගල්පොත්ත හන්දියේ පිහිටි දුරකතන අලෙවිසලක හිමිකරුවකු පසුගිය පෙබරවාරි 21වනදා රාත්‍රීයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.
අනතුරුව පළාගිය වෙඩික්කරුවන් දෙදෙනාව පොලීසිය විසින් එදිනම අත්අඩංගුවට ගත් අතර වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවියද සොයාගත්තේය.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සඟවා තිබූ ගිනිඅවි පෙන්වීම සඳහා වෙඩික්කරුවන් පොලීසිය විසින් මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට වෙඩික්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ලකිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණි.
පසුගිය ජනවාරි 22වනදා අලුයම එය සිදුවූ අතර ඊට මද වේලාවකට පසුව කොටහේන පොලිසියේ ස්ථානාධිපති කෝසල ලියානාරච්චි මහතාට දේශීය දුරකතන අංකයකින් ඇමතුමක් ලැබී ඇති බව පොලීසිය පැවසීය.
මෝදර නිපුන තමන් බව පවසමින් ඇමතුම ලබාදුන් පුද්ගලයා එහිදී පවසා ඇත්තේ, "ගම්පහ දාපු සෙල්ලම් දාන්න බැහැ, හොඳින්ද නරකින්ද වෙන්න ඕනේ" යනුවෙනි.
අනතුරුව කොටහේන පොලීසිය ඊයේ අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය වෙත අදාළ මරණ තර්ජනය පිළිබඳව සිදුකළ කරුණු දැක්වීමෙන් පසුව සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කර තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.