විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බවත් ප්‍රහාරවලින් තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතැයි වාර්තා නොවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඊශ්‍රායලයේ නවතම තත්ත්වය පැහැදිලි කරමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසිය.
"අප පදිංචි ටෙල් අවිව් උතුරු කලාපයේ හර්සීලියා ප්‍රදේශය වෙත එල්ලවූ මිසයිල ඊශ්‍රායල් ගුවන් හමුදාව හා අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කරන විට බිත්ති දෙදරුම් කනවා. නිවාසවල වීදුරු සෙලවෙනවා. ප්‍රදේශ කිහිපයක් ගොඩනැගිලි හා වාහන ගිනිගැනීම් වාර්තා වුණා. තුවාල සිදුවීම් 50කට අධික බව වාර්තා වුණා."
"තුවාලකරුවන් අතරට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අයත් බව වාර්තා වෙන්නේ නැහැ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි."
"ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා ඊශ්‍රායල් ගුවන් සීමාව තව දුරටත් වසා දමා තිබෙනවා."
"ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඩුබායි ගුවන්තොටුපොළේ රැඳී සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඩුබායි හි කොන්සල් ජනරාල් කාර්යාලය හා අබුඩාබි ගුවන්තොටුපොළේ රැදුණු ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු පිළිබඳ කටයුතු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය සිදු කරනවා."
"ඔවුන්ට තාවකාලිකව රැඳී සිටීමේ වීසා හා නවාතැන් පහසුකම් ලැබී තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ නිවාඩු ගොස් සිටින සියලුදෙනා තම ගුවන්ගමන් බලපත්‍රයේ පිටපතක් හා නැවත ඊශ්‍රායලයට ඇතුලත් වීම සඳහා නිකුත් කර ඇති වීසා බලපත්‍රයේ පිටපතක් තානාපති කාර්යාලයට එවන මෙන් දැනුම්දෙනවා. එමගින් ඔවුන්ගේ Re-entry විසා කාලය දික් කරගැනීමට උපකාර කළ හැකියි."
"තානාපති කාර්යාලයේ නිලධාරීන් පවතින තත්ත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතර පවතින තත්ත්වය මත උපකාර අවශ්‍ය පිරිසට තානාපති කාර්යාලයේ නිලධරීන් ඇමතිය හැකියි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.