ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව අද (16) සිට
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
පාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
සුනිල් හඳුන්නෙත්ති, සරෝජා පෝල්රාජ් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ද ඊට එක්ව තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.